මම ....
පාලු මැදියම් අහසේ ...
ආදරයේ පෑළ දිග වලාකුළු අතර ...
නුඹේ රුව පමණක්ම ඇද ..
දුප්පත් ඇස් අගක ...
සිහිනයකින්ම පමණක් ...
ආදරය කල ...
පහන් තාරකාවක් ...
නුඹ ...
ඉරා අදුරු සළු පිළි ...
දිදුලමින් තරු කැට ....
පායා විත් නුබ ගැබ මත ...
ගනදුරම පමණක් ඉතිරි කර ....
නොකියාම බැස ගිය ...
සුපුන් සඳක් ....
අපි ....
ජීවිතය දවා හළු වුනු පසු ...
පෙර ජිවිතයේ අළු වලින් ...
නැවත උපදින ...
ෆීනික්ස් පක්ෂීන් සේ ...
අතීතයේ මතකයන්ගෙන් ...
ජිවිතේ සුසුම් පොද කැටිකර ...
ජීවිතය ගෙවන්නාවූ ...
පෙම්වතුන් යුවලක් ...
එල මචං ආපහු පටන් ගමු. සුභ පතනවා දිගු ගමනකට
ReplyDeleteBlack Puma ගෙ පාරෙන් ආවේ. දිගට ම ලියමු. පසුබිමේ පාට ඇහැට අමාරු නැද්ද?
ReplyDeleteඒකට නම් වග කියන්න ඕනේ මම. තාම හරියටම එකක් අහු උනේ නෑ. ආපහු ටිකක් වෙනස් කලා දැන්
Deleteස්තුතියි මේ පැත්තේ ආවට .. ඒ වගේම මම වගේ ආදුනිකයෙකුට වැරදි අඩු පාඩු කියා දෙන්න ...
Deleteස්තුතියි පුමා ... උබ නැත්නම් මම මේකේ නැහැ .. මේ මගේ නැවත ඉපදීම
ReplyDeleteසුළග,
ReplyDeleteඅකල් තමයි මෙහෙට එන්න පාර කිව්වේ. ඇත්තට ම ලස්සන නිසදැසක්. දිගට ම ලියන්න. හැමදාම මේ පැත්තට එන්නම්. ඒ වගේ ම අපේ බ්ලොගයෙන් ඔබේ පැත්තට එන්න ලින්ක් එකකුත් දෙන්නම්. ඔබගේ ආරම්භයට සුභ පැතුම් වගේ ම කවිකාරයන්ගේ බ්ලොග් කෙරුවාවටත් ඔබව සාදරයෙන් පිළිගන්නවා.
බොහොම ස්තුතියි .. හැමදාම මට කියා දෙන්න උපදෙස් ගොඩක් වටිනවා
Deleteබ්ලැක් අය්යා පාර කිව්වේ.දිගට ලියමු ඈ... ජය වේවා!
ReplyDeleteස්තුතියි .. ගොඩක් නැවත එන්න
Deleteනිතර කියැවිම සහ ලිවීම ඔබව දක්ෂයෙක් කරාවි.......
ReplyDeleteසුබ පැතුම් :)
ස්තුතියි සිත්තරියේ ..
Deleteනියමයි.. දෙවැනි බ්ලොග් සටහන නේද..?
ReplyDeleteරිදෙන්න ලියන්න. මං හැමදාම ඉන්නවා උඹත් එක්ක.
අමාරුයි ... ලියන්න පුළුවන් විරහව විතරයි මට ... බලමු අපි එල .. ජය වේවා සහෝ
Deleteමචෝ අවශ්‍ය වන්නේ සිංහල බසින් මේ සයිබරයේ යම් නිර්මාණයක් කරන පිරිස් සංඛ්‍යාව ඉහළ නංවා ගැනුමයි. නිර්මාණ කරණයේ බොහෝ ඉසව් ස්පර්ශ කළහැකි තැනැත්තෙක් බව මේ නිර්මාණ දෙස බැලිමෙන් පසක් කොට තිබෙනවා. කවි නිර්මාණය වේවා කෙටි කතා නිර්මාණ වේවා අවශ්‍ය මොනම අංශයකින් හෝ සිංහල බසින් හොඳ නිර්මාණ බිහිවිමයි. සුබ පැතුම් යාළුවා.. යමු දිගටම.
ReplyDeleteස්තුතියි නලින් අයියේ ගොඩක් පින් ආවට
Delete