Monday, February 17, 2014


සරා වසත් සද .....



සරා වසත් සද
පුරා අහස් ගැබ
පායා දිලෙන විට
දිදුලති පිනි කැට

උදා ලහිරු රැස
මිහිමත පතිතව
විකසිත කර ඇත
මල් පෙති සතුටින

නිල වන් දිය බිදු
ගලා හැලෙන සද
සොබ දම් දියණිය
මුකුලිත වී ඇත

නුබ මට පෙම් කල
පෙර ඒ කාලය
මෙවැනිය සොදුරුය
මතකෙහි තව ඇත

පිනි කැට නැත අද
මල් පෙති මිලිනව
සැගවුනි කොයි දෙස
නුබේ ඒ සෙනෙහස ...


මම 
සුළග  

Thursday, February 13, 2014


දවසක් දා .... 



රාස්සිගේ අවුව වැටුන දෙවැට දිගේ ඇවිදගෙන යන ගමන් මම නිකමට වගේ වැවු තාවුල්ලටත් ගොඩ වුනා .. ඉස්සර කොච්චරනම් අපි මෙහාන කියෝ කියෝ ඉදලා ඇත්ද ... ජීවිතේම වෙලා හිටපු ඔයා අද කොහේදෝ මම නොදන්නා අතකට ගිහින් ... ලං වෙන්න තියා හිතා ගන්නවත් බැරි තරමට ඔයා වෙනස් වෙලා ... පුරුද්දට වගේ මම වැවු තාවුල්ලේ ඉද  ගත්තා ... අදත් එදා වගේම ලස්සනට ඉර බැහැගෙන යනවා මේ වැවු ඉස්මත්තෙන් .. ඔයත් ඒ ඉර වගේ කියලා මට හිතුනා .. ඔයත් මගේ ජීවිතෙන් බැහැලා ගිහින් ඉවර නිසා වෙන්නැති මට එහෙම හිතුනේ ... 


"
නෙත්"

ඒ සුපුරුදු හඩින් මාව තිගැස්සුනා ... හැරිලා බලද්දී ඔයා .. කොහොමද එහෙම වෙන්නේ .. මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා ... 

"
ඔයා මේ වෙලාවේ"

"
ඔව් නෙත් .. මම නිවාඩුවට ආවා"

හ්ම්ම්ම් .. මට කියා ගන්න පුළුවන් උනේ එච්චරයි .. ඒ විසල් ඇස් දෙක තාමත් එහෙමමයි .. බය වෙච්ච පුංචි මුව දෙනුවකගේ වගේමයි .. මම ආස උනේ ඒ ඇස් වල තිබ්බ ඒ නිවුණු ගතියට .. මට හිතුනා ඒ ඇස් කතා කරනවද කියලා ... ගොඩක් වෙලාවට වචනයෙන් නොකියපු කතාවක් ඒ ඇස් දෙක කියනවා කියලා මට හිතුනා ... 

"
නවත්මා"

"
හ්ම්ම්ම්" 

සුපුරුදු හ්ම්ම් හඩ ... මාව පියවි ලෝකයෙන් ඇතට ගෙනිච්චා .. අතීතයට අත් අල්ලන් දෙවැට දිගේ පාසල් ගිය ඒ අතීතයට මාව අරන් ගියා ... නොදන්නා මොකක්දෝ හැගීමක් නිසා එක පාරම මාව පිච්චිලා ගියා .. 

අපි යමු .. මම කිවුවා ... ඔලුව වනලා එයත් ආවා මා එක්ක ... එන ගමන නිහඩයි ... දෙන්නම ගොළු වෙලා .. කතා කරන්න දහසක් දේ තිබ්බත් hiru එලිය වැටුනම වියලිලා යන පිනි බින්දුවක් වගේ දෙන්නගෙම වචන ගොළු වෙලා ... නොදනිම එයාලගේ ගෙදර ගාවටත් ආවා ... 

"
නවත්මා .. මම යන්නම්"

"
යන්නම ඕනද නෙත් ... තාමත් මම නවත්මාම තමයි"

එහෙම කියපු එයා යන්න ගියා .. කදුළු පිරිච්ච ඒ ඇස් දෙක මගේ දිහාට හරෝගෙන .. හිත තද කරගත්ත මමත් ආපහු හැරුනා ... අතීතය ගැනම හිතමින් .

මම 
සුළග  

Saturday, February 8, 2014


නුබ ඉතින් මගෙමයි ....... 



නුබේ රුවට නෙතු පියාන
පතු පැතුම් දහස් වර
කිසිවෙකුද නොදත්තේය
නුබට ලං වෙනා දුර
අත මානයට එනතුරා
දරා සිටින්නම්
නිසැකයි මට
නුබ ඉතින් මගෙමයි ....

මම
සුළග 

Tuesday, February 4, 2014


දවසක් දා .... 



"නවත්මා"

හ්ම්ම්ම් 

සුපුරුදු හ්ම්ම්ම් යන්න ඇය පැවසුවේ ඇසෙන නැසෙන තරමේ සිහින් ස්වරයෙන්ය .... මගේ උරහිසට බර වූ ඇය විසල් නෙතු යුග තුලින් මා වත දෙස බලා සිහින් මදහසක් පෑවය ... මේ විසල් වූ අහස යට මා ඇගේ සෙනෙහසින් නැහැවෙමින් සිටියෙමි ... ඒ දෙනෙතු තුලින් මා දුටුවේ අපිරිමිත වූ ආදරයක සොදුරු සේයා විය ... මේ මොහොත සදාකාලික වනවානම් .... මා තරම් වාසනාවන්තයෙකු නොමැති වේවි .... 

බැස යන හිරුගේ අවසන් රශ්මි කදම්බය වැවු තාවුල්ල මතට ඇද වැටි තිබුනේ දැන් ඔයාලට යන්න වෙලාව හරි යැයි පවසන්නාක් මෙනි ... මා ඇගේ සුරත ගතිමි .... ඇය දෙනෙතු විසල් කොට මා දෙස බැලුවාය ... 

"
යමු"

එකදු වදනකුද නොදොඩා ඇය මා හා නැගී සිටියාය .. ගෙවුණු දෙපැයේ අප ගත කලේ එකිනෙකාගේ නෙත් තුලට එබෙමිනි ... සමුගැනීමට කල් පැමිණ ඇත ... ඇය නිවස වෙත ඇරලු මම ආපසු ඒමට පිටත් උනෙමි ... අත්වැල් පටලා අප දෙදෙනා ඇවිද ආ මාවත තනිවම යන විට මට මහා මොකක්දෝ අමුත්තක් දැනුණි ... නොදැනුවත්වම මා පා ඔසවා තිබුනේ වැවු තාවුල්ල වෙතය ... නොසන්සුන් වූ මා මනස අනියත බියකින් පිරි යන්නට විය ....

ජිවිතයම ජිවත් කරවන නුබේ නාමෙන් අකුරු කල මම 
සුළග  

Sunday, February 2, 2014

අතීත මතක සැමරුම් ... 



දවසක් දා .... 

පාසැල් නිම වුනු විගසම මමත් සුපුරුදු මැයි ගස යටට වී බලා උන්නෙමි ... පියාපත් සලා සෙමින් ඉගිල්ලෙන සුදු පරවීයක සේ ඇ අතින් මතු වන විට මගේ සිතට දැනුන සතුට වචන වලට පෙරලා නිම කරන්නට නොහැකි විය ... දුර තියාම මා හදුනා ගත් ඇය සුපුරුදු ලෙන්ගතුම වූ ඒ සිනහව මට තිලින කලාය ... 

" නවත්මා "

"හ්ම්ම්ම්"

වදනකුද නොදෙඩු ඇය මනේතු දෙස ඇගේ කොළ නෙතු යුග විසල් කර බැලුවාය .. දහසක් සිහින අතර මා තනි වෙනා ඒ මුදු බැල්මෙහි පහසින් මා කොහේදෝ අතර මන් වෙන වග දැනුනි .. දිවග කැලතුන වදන් ගොළු වුනු මුත් අපහසුවෙන් මම එකම වදනක් ගලපාගතිමි ...

"අපි යමු"



පෙර පරිදිම හ්ම්ම්ම් හඩ ඇසුනි ... ඇය සමීපයෙන් මදක් පිටුපසින් මගේ දෙපා යුග මටම අවනත නොවී එසවුනි ... 

මම 
සුළග  

Sunday, January 26, 2014

අත මිට නැති දාට .....



අත මිට ඇති දාට පාවඩ එලන බිම 
නැති බැරි දාට නොදනී පමණකුද නම 

ලොව ජනිතවූ සතුන් අතුරින් කුහක තම 
කුරිරුම සතා මිනිසා බව කියමි මම 

ඇදයක් කිසිම නැති හොද ගති ගුණ පේන 

පදයක් හදන්නට කිසිවිටෙකත් නේන 
වදයක් මි ලෙසට වටකර කරකැවෙන 

නඩයක් ඉදි සරුවක් ඇති කල පේන 



මැති ඇමැතින් උවත් පදවිය ලද අලුත 
වටකර හිතවතුන් ඔහු ගුණ ගී ගයත 
පදවිය අහිමි වී වාසිය නැති පුවත 

ඇසු පමණකින් ඔහු වදයක් යැයි සිතත 

මහවදයක් ලෙසට කරදර පෙනෙන්නේ 
හිසරදයක් ලෙසින් හැමවිට දැනෙන්නේ 
ඇද කුදයක් ගැන නිතරම සිතෙන්නේ 
අගහිගයක් ඇතිදා මිනි සතුන්නේ  






Saturday, January 25, 2014

මම... නුඹ ... අපි ...

මම ....

පාලු මැදියම් අහසේ ... 
ආදරයේ පෑළ දිග වලාකුළු අතර ... 
නුඹේ රුව පමණක්ම ඇද .. 
දුප්පත් ඇස් අගක ... 
සිහිනයකින්ම පමණක් ... 
ආදරය කල ... 
පහන් තාරකාවක් ...

නුඹ ...

ඉරා අදුරු සළු පිළි ... 
දිදුලමින් තරු කැට .... 
පායා විත් නුබ ගැබ මත ... 
ගනදුරම පමණක් ඉතිරි කර .... 
නොකියාම බැස ගිය ... 
සුපුන් සඳක් ....

අපි ....


ජීවිතය දවා හළු වුනු පසු ... 
පෙර ජිවිතයේ අළු වලින් ... 
නැවත උපදින ... 
ෆීනික්ස් පක්ෂීන් සේ ... 
අතීතයේ මතකයන්ගෙන් ... 
ජිවිතේ සුසුම් පොද කැටිකර ... 
ජීවිතය ගෙවන්නාවූ ... 
පෙම්වතුන් යුවලක් ...