Thursday, February 13, 2014


දවසක් දා .... 



රාස්සිගේ අවුව වැටුන දෙවැට දිගේ ඇවිදගෙන යන ගමන් මම නිකමට වගේ වැවු තාවුල්ලටත් ගොඩ වුනා .. ඉස්සර කොච්චරනම් අපි මෙහාන කියෝ කියෝ ඉදලා ඇත්ද ... ජීවිතේම වෙලා හිටපු ඔයා අද කොහේදෝ මම නොදන්නා අතකට ගිහින් ... ලං වෙන්න තියා හිතා ගන්නවත් බැරි තරමට ඔයා වෙනස් වෙලා ... පුරුද්දට වගේ මම වැවු තාවුල්ලේ ඉද  ගත්තා ... අදත් එදා වගේම ලස්සනට ඉර බැහැගෙන යනවා මේ වැවු ඉස්මත්තෙන් .. ඔයත් ඒ ඉර වගේ කියලා මට හිතුනා .. ඔයත් මගේ ජීවිතෙන් බැහැලා ගිහින් ඉවර නිසා වෙන්නැති මට එහෙම හිතුනේ ... 


"
නෙත්"

ඒ සුපුරුදු හඩින් මාව තිගැස්සුනා ... හැරිලා බලද්දී ඔයා .. කොහොමද එහෙම වෙන්නේ .. මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා ... 

"
ඔයා මේ වෙලාවේ"

"
ඔව් නෙත් .. මම නිවාඩුවට ආවා"

හ්ම්ම්ම් .. මට කියා ගන්න පුළුවන් උනේ එච්චරයි .. ඒ විසල් ඇස් දෙක තාමත් එහෙමමයි .. බය වෙච්ච පුංචි මුව දෙනුවකගේ වගේමයි .. මම ආස උනේ ඒ ඇස් වල තිබ්බ ඒ නිවුණු ගතියට .. මට හිතුනා ඒ ඇස් කතා කරනවද කියලා ... ගොඩක් වෙලාවට වචනයෙන් නොකියපු කතාවක් ඒ ඇස් දෙක කියනවා කියලා මට හිතුනා ... 

"
නවත්මා"

"
හ්ම්ම්ම්" 

සුපුරුදු හ්ම්ම් හඩ ... මාව පියවි ලෝකයෙන් ඇතට ගෙනිච්චා .. අතීතයට අත් අල්ලන් දෙවැට දිගේ පාසල් ගිය ඒ අතීතයට මාව අරන් ගියා ... නොදන්නා මොකක්දෝ හැගීමක් නිසා එක පාරම මාව පිච්චිලා ගියා .. 

අපි යමු .. මම කිවුවා ... ඔලුව වනලා එයත් ආවා මා එක්ක ... එන ගමන නිහඩයි ... දෙන්නම ගොළු වෙලා .. කතා කරන්න දහසක් දේ තිබ්බත් hiru එලිය වැටුනම වියලිලා යන පිනි බින්දුවක් වගේ දෙන්නගෙම වචන ගොළු වෙලා ... නොදනිම එයාලගේ ගෙදර ගාවටත් ආවා ... 

"
නවත්මා .. මම යන්නම්"

"
යන්නම ඕනද නෙත් ... තාමත් මම නවත්මාම තමයි"

එහෙම කියපු එයා යන්න ගියා .. කදුළු පිරිච්ච ඒ ඇස් දෙක මගේ දිහාට හරෝගෙන .. හිත තද කරගත්ත මමත් ආපහු හැරුනා ... අතීතය ගැනම හිතමින් .

මම 
සුළග  

No comments:

Post a Comment