Sunday, January 26, 2014

අත මිට නැති දාට .....



අත මිට ඇති දාට පාවඩ එලන බිම 
නැති බැරි දාට නොදනී පමණකුද නම 

ලොව ජනිතවූ සතුන් අතුරින් කුහක තම 
කුරිරුම සතා මිනිසා බව කියමි මම 

ඇදයක් කිසිම නැති හොද ගති ගුණ පේන 

පදයක් හදන්නට කිසිවිටෙකත් නේන 
වදයක් මි ලෙසට වටකර කරකැවෙන 

නඩයක් ඉදි සරුවක් ඇති කල පේන 



මැති ඇමැතින් උවත් පදවිය ලද අලුත 
වටකර හිතවතුන් ඔහු ගුණ ගී ගයත 
පදවිය අහිමි වී වාසිය නැති පුවත 

ඇසු පමණකින් ඔහු වදයක් යැයි සිතත 

මහවදයක් ලෙසට කරදර පෙනෙන්නේ 
හිසරදයක් ලෙසින් හැමවිට දැනෙන්නේ 
ඇද කුදයක් ගැන නිතරම සිතෙන්නේ 
අගහිගයක් ඇතිදා මිනි සතුන්නේ  






Saturday, January 25, 2014

මම... නුඹ ... අපි ...

මම ....

පාලු මැදියම් අහසේ ... 
ආදරයේ පෑළ දිග වලාකුළු අතර ... 
නුඹේ රුව පමණක්ම ඇද .. 
දුප්පත් ඇස් අගක ... 
සිහිනයකින්ම පමණක් ... 
ආදරය කල ... 
පහන් තාරකාවක් ...

නුඹ ...

ඉරා අදුරු සළු පිළි ... 
දිදුලමින් තරු කැට .... 
පායා විත් නුබ ගැබ මත ... 
ගනදුරම පමණක් ඉතිරි කර .... 
නොකියාම බැස ගිය ... 
සුපුන් සඳක් ....

අපි ....


ජීවිතය දවා හළු වුනු පසු ... 
පෙර ජිවිතයේ අළු වලින් ... 
නැවත උපදින ... 
ෆීනික්ස් පක්ෂීන් සේ ... 
අතීතයේ මතකයන්ගෙන් ... 
ජිවිතේ සුසුම් පොද කැටිකර ... 
ජීවිතය ගෙවන්නාවූ ... 
පෙම්වතුන් යුවලක් ...