Tuesday, February 4, 2014


දවසක් දා .... 



"නවත්මා"

හ්ම්ම්ම් 

සුපුරුදු හ්ම්ම්ම් යන්න ඇය පැවසුවේ ඇසෙන නැසෙන තරමේ සිහින් ස්වරයෙන්ය .... මගේ උරහිසට බර වූ ඇය විසල් නෙතු යුග තුලින් මා වත දෙස බලා සිහින් මදහසක් පෑවය ... මේ විසල් වූ අහස යට මා ඇගේ සෙනෙහසින් නැහැවෙමින් සිටියෙමි ... ඒ දෙනෙතු තුලින් මා දුටුවේ අපිරිමිත වූ ආදරයක සොදුරු සේයා විය ... මේ මොහොත සදාකාලික වනවානම් .... මා තරම් වාසනාවන්තයෙකු නොමැති වේවි .... 

බැස යන හිරුගේ අවසන් රශ්මි කදම්බය වැවු තාවුල්ල මතට ඇද වැටි තිබුනේ දැන් ඔයාලට යන්න වෙලාව හරි යැයි පවසන්නාක් මෙනි ... මා ඇගේ සුරත ගතිමි .... ඇය දෙනෙතු විසල් කොට මා දෙස බැලුවාය ... 

"
යමු"

එකදු වදනකුද නොදොඩා ඇය මා හා නැගී සිටියාය .. ගෙවුණු දෙපැයේ අප ගත කලේ එකිනෙකාගේ නෙත් තුලට එබෙමිනි ... සමුගැනීමට කල් පැමිණ ඇත ... ඇය නිවස වෙත ඇරලු මම ආපසු ඒමට පිටත් උනෙමි ... අත්වැල් පටලා අප දෙදෙනා ඇවිද ආ මාවත තනිවම යන විට මට මහා මොකක්දෝ අමුත්තක් දැනුණි ... නොදැනුවත්වම මා පා ඔසවා තිබුනේ වැවු තාවුල්ල වෙතය ... නොසන්සුන් වූ මා මනස අනියත බියකින් පිරි යන්නට විය ....

ජිවිතයම ජිවත් කරවන නුබේ නාමෙන් අකුරු කල මම 
සුළග  

4 comments:

  1. ටික ටික ලොකු කතාවක් කියනවා වගේ..))

    ReplyDelete
  2. ඔව් වර්ෂා ... මේක මහා දිග කතාවක් ... හිමිට ලියන්නම් .. අහිංසක ආරාදනයක් ඇවිත් බලලා යන්න

    ReplyDelete
  3. ඇත්ත කතාවක්ද? තව ට්කක් දිගට ලිව්වනම් හොඳයි නේ...

    ReplyDelete
    Replies
    1. ඊලග දවසේ ලියන්නම් ... ඔය මගේ අත්තිටයෙන් බිදක් ...

      Delete