අත මිට නැති දාට .....
අත මිට ඇති දාට පාවඩ එලන බිම
නැති බැරි දාට නොදනී පමණකුද නම
ලොව ජනිතවූ සතුන් අතුරින් කුහක තම
කුරිරුම සතා මිනිසා බව කියමි මම
ඇදයක් කිසිම නැති හොද ගති ගුණ පේන
පදයක් හදන්නට කිසිවිටෙකත් නේන
වදයක් මි ලෙසට වටකර කරකැවෙන
නඩයක් ඉදි සරුවක් ඇති කල පේන
මැති ඇමැතින් උවත් පදවිය ලද අලුත
වටකර හිතවතුන් ඔහු ගුණ ගී ගයත
පදවිය අහිමි වී වාසිය නැති පුවත
ඇසු පමණකින් ඔහු වදයක් යැයි සිතත
මහවදයක් ලෙසට කරදර පෙනෙන්නේ
හිසරදයක් ලෙසින් හැමවිට දැනෙන්නේ
ඇද කුදයක් ගැන නිතරම සිතෙන්නේ
අගහිගයක් ඇතිදා මිනි සතුන්නේ
හැ ... මොකක්ද මේ මගේ කවියට උනේ ඇ .. පද දුරස් වෙලා .. විකාරයක් වෙලා .. මොකක්ද මේ ඇ .. දන්න කෙනෙක් කියන්න ප්ලීස්
ReplyDeleteවෙන තැනක ලියලා පේස්ට් කරද්දී මෙහෙම වෙනවා බන්. හොදම දේ දාන්න කලින් ප්‍රිවිව් එක බලන එක
ReplyDeleteහැ .. ලිවුවේ මෙකෙමයි .. එත් මෙහෙමම උනානි
Deleteඑල මචෝ ජව වේවා :D
ReplyDeleteපදවිය අහිමි වී වාසිය නැති පුවත
ReplyDeleteමහවදයක් ලෙසට කරදර පෙනෙන්නේ
හිසරදයක් ලෙසින් හැමවිට දැනෙන්නේ
ඇද කුදයක් ගැන නිතරම සිතෙන්නේ
අගහිගයක් ඇතිදා මිනි සතුන්නේ
ඔවු බන් ... සේරම තියෙනකන්